දැරියගේ මරණය ගැන තවත් අයගෙන් ප්‍රකාශ ගනී

covid Srinlanka
By Sithumi Jul 27, 2021 12:21 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි ගිනි ඇවිලිමෙන් මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජුඩ් දැරිය කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සමාජිකයන්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටි තවත් කාන්තාවන් කිහිපදෙනකුගෙන් අද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය කියයි. 

ප්‍රධාන පොලිස් පරික්ෂණ වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රකාශ සටහන් කර ගත්තේය. මිය ගිය දැරිය මිහිදන් කළ එම වතුයායේ පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබු අතර , අධිකරණ නියෝගයක් අනුව එම මෘත දේහය දින ගොඩ ගනිවි යැයි සිතා ඩයගම අවට වතු කම්කරුවන් විශාල පිරිසක් එම සුසාන භුමිය අසල රැදි සිටි අයුරු දක්නට ලැබුණි. 

 නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු කියා සිටියේ මිහිදන් කළ සිරුරක් අධිකරණ නියෝගයත් මත ගොඩ ගැනිමේදි අනුගමනය කළ යුතු නිති මාලාවක් ඇති බවත්, එම නිති මාලාවට අනුව ඉදිරි දින කිහිපය තුලදි ඉෂාලිනිගේ සිරුර ගොඩගෙන යළිත් පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරිමට නියමිත බවයි.