කුකුළු මස් මිල ගැනත් තීරණයක්?.
Sri Lanka
Sri Lanka Food Crisis
Nalin Fernando
By krishani
ලබන දෙසැම්බර් මාසය වන විට කුකුළු මස් කිලෝවක් රුපියල් 850කට ජනතාවට ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ ය.
ඒ බව අද (04) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ය.
එමෙන්ම, සත්ව ආහාර සඳහා බදු සහන ලබා දී ඇති බැවින් කුකුළු මස් නිෂ්පාදකයින් ද ජනතාවට සහනයක් ලබා දිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍ය වුවහොත් බිත්තර තවදුරටත් ආනයනය කළ යුතු බවයි.
