කුකුළු මස් මිල තවත් ඉහලට.
මේ වන විට කුකුළු මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට වෙළෙඳුන් පියවර ගෙන ඇත.
ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,450ත් 1,500ත් අතර මිලකට අලෙවි කරන බව වාර්තා වේ.
කෙසේවෙතත්, තවත් ආහාර වර්ග ගණනාවක මිල ඉහළ යාම කෙරෙහි මෙයද බලපා ඇති බැවින් ජනතාව තවත් පීඩාවට පත් වී සිටියි.
මේ අතර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ, මස්, මාළු, කරවල ආදී ආහාර මිල ගණන් ඉහල යාමෙන් බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමඟ බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති බව ය.
නමුත් වෙළෙඳසැල්වල බිත්තරයක් අළෙවි වන්නේ රුපියල් 46ත් 55ත් අතර මිලකට ය.
ඒ රජය විසින් බිත්තර සදහා පාලන මිලක් පනවා ඇති පසුබිමක ය.සුදු බිත්තරයක් සදහා රුපියල් 44 ක සහ එම බිත්තර කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 880ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
තවද දුඹුරු බිත්තරයක් සදහා රුපියල් 46ක් සහ එම බිත්තර කිලෝග්‍රෑමයක් සදහා උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 920ක් ලෙසයි.