කුකුළු මස් මිලට මොකද වුණේ?. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..
By krishani
උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපළට සැපයීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින් ය.
ඒ අනුව අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත්, බිත්තර මිල අඩු වුව ද වෙළඳ පොළේ කුකුලු මස් මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.