බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළට

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis World Economic Crisis
By Sewvandhi Aug 06, 2022 09:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙළෙඳ පොළේ බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් තමන්ට එම ආහාර මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයින් පවසන්නේ සත්ත්ව ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. 

 පවතින ආර්ථික අර්බුදය ඇතුළු කරුණු රැසක් හේතුවෙන් සත්ත්ව ආහාර මිල දිනෙන් දින ඉහළ යෑමේ තත්ත්වයක් දක්නට ඇති අතර, එම පසුබිම මත සත්ත්ව ගොවිපලවල් පවත්වාගෙන යෑම දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් කර්මාන්තයෙන් ඉවත් වීමට සිදුවු ඇති බවයි. නිෂ්පාදකයින්ගෙන් රුපියල් 40 ක පමණ මිලකට ලබා ගන්නා බිත්තර මේ දිනවල වෙළෙඳ පොළේ අලෙවි වන්නේ රුපියල් 53 ත් 55 ත් අතර මිලකයි.

මේ අතර වෙළෙඳ පොළේ කුකුලු මස් මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. දරුවන්ගේ පෝෂණයටද ඍජු ලෙස බලපාන බිත්තර සහ කුකුළු මස් මිල ගණන් දැඩි ලෙස ඉහළ යාමේ පසුබිම තුළ අපහසුතාවට පත්ව සිටින්නේ පාරිභෝගික ජනතාවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now