කුකුල් මස් සහ බිත්තර මිල ඉහලට..?

PRICE EGG CHICKEN LASANTHA ALAGIYAVANNA MARKET
By Sewvandhi Dec 09, 2021 03:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බිත්තර හා කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ සුදු බිත්තරය මිල රුපියල් 24ත් 26ත් හා රතු බිත්තරයක මිල රුපියල් 25ත් 27ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය.

එමෙන්ම කුකුල් මස් ක්‍රිලෝවද මේ වන විට රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන බිත්තර හා කුකුල් මස් වෙලදුන් පවසන ලද්දේ මෙම දිනවල කුකුල් මස් හා බිත්තර තොග මිල ගනන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මිල ගනන් ඉහල යාමත් සමග බිත්තර හා කුකුල් මස් අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන් තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙලදුන් පවසති.

--------------------------------------------

YOU MAY LIKE THIS VIDEO..

පාකිස්‍ථානයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිදු ප්‍රියන්ත වෙනුවෙන් සිදු කළ දේ..

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW