යල කන්නයේ රසායනික පොහොර මුලින්ම ලැබෙන කණ්ඩායම මෙන්න..

Agriculture Water And Action For Rural Development Mahinda Amaraweera Ministry of Agriculture
By Aruna Jun 08, 2022 10:56 PM GMT
Aruna

Aruna

Report

2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ වී ඌනතාවය වළක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

සාමාන්‍යයෙන් මහ කන්නය සඳහා අවශ්‍ය බීජ වී නිෂ්පාදනය කරනුයේ යල කන්නයේදීය නමුත් 2022 යල කන්නයේ බීජ වී වගා කළ ගොවීහු රසායනික පොහොර නොමැතිකම නිසා විශාල ගැටළුවකට මුහුණ පා සිටියහ.

ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ සිදු කළ සාකච්ඡාවලදී හෙළිදරව් වූ කරුණු අනුව බිත්තර වී වගා කරන ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

ඒ අනුව මහවැලි කලාප ඇතුළුව දිවයිනේ පළාත් නවයම ඇතුළත් වන පරිදි හෙක්ටයාර් 6,774.3ක මෙවර යල කන්නයේ බීජ වී වපුරා ඇත.

එම කුඹුරු ප්‍රමාණයට අවශ්‍ය පරිදි යූරියා මෙ. ටො. 1524ක්, TSP ( Tipple Super Phosphate ) පොහොර මෙ. ටො. 372.6ක් සහ MOP ( Murate OF Potash ) මෙ. ටො. 406.5ක් වශයෙන් මේ වනවිට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

මෙවර යල කන්නයේ බීජ වී නිෂ්පාදනය අඩාල වුවහොත් 2022 / 23 මහ කන්නය සඳහා බිත්තර වී සපයා ගැනීම අසීරු වනු ඇත.

එම නිසා ගුණාත්මක භාවයෙන් යුත් බීජ වී ගොවීන්ට ලබාදීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, මෙවර යල කන්නයේදී බීජ වී වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී බුසල් 1,47,000ක් දැනටමත් පුද්ගලික අංශය විසින් ගොවීන් වෙත නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.

මාධ්‍ය ඒකකය

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now