රට පුරා සියලු ගොවි ජනතාවට සතුටුදායක ආරංචියක්.!!

Sri Lanka Ministry of Agriculture
By Aruna Jul 13, 2022 04:34 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් යූරියා තොගය අදාළ ප්‍රදේශවලට ඉල්ලුම් කර ඇති ප්‍රමාණය අනුව ආරක්ෂිතව බෙදා හැරීමට කටයුතු කර ඇති බව ලංකා කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.

එහි සභාපති මෙත්සිරි අබේගුණවර්ධන කියා සිටියේ, පොහොර රැගත් ලොරි රථ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ගමන් කරන අතරතුර අක්‍රමිකතා වැළැක්වීම සඳහා අදාළ ලොරි රථ නිරීක්ෂණය සඳහා ජී.පී.එස් තාක්ෂණය යොදා ඇති බවයි.

මේ අතර මඩකලපුව, අනුරාධපුර, හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක සඳහා අවශ්‍යතාව අනුව බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

පොහොර මිටියක් රුපියල් 10,000 ක මුදලකට ගොවීන්ට අලෙවි කිරීමට නියමිත අතර, විවෘත වෙළඳපොලේ මෙම පොහොර මිටියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 40,000 ඉක්මවූ මිලකටයි.

කෙසේ වෙතත්, ගොවීන්ට යූරියා පොහොර පමණක් ප්‍රමාණවත් නොවන බවයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now