මට අපහාස කරන්න එපා.. චතුරංගගෙන් CCIDයට පැමිණිල්ලක්

Report

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට සමාජ මාධ්‍ය හරහා අපහාස සිදු කළ බව පවසමින්, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

“සමාජ මාධ්‍යවල කීර්තිනාමයට හානි වන ආකාරයෙන් ව්‍යාජ හා විකෘති පුවත් පළ කිරීම” සම්බන්ධයෙන් යැයි සඳහන් කරමින්, ඔහු මෙම පැමිණිල්ල පසුගිය 13 වැනිදා යොමු කළා.

තවදුරටත් විදුලි බිල අඩුකරලා අමාරුවේ වැටෙන්න එපා - මහ බැංකුවෙ වාර්තාව මෙන්න

තවදුරටත් විදුලි බිල අඩුකරලා අමාරුවේ වැටෙන්න එපා - මහ බැංකුවෙ වාර්තාව මෙන්න

පැමිණිල්ලට අත්සන් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් මමිත් දිසානායක මහතා විසින්. පැමිණිල්ලේ දැක්වෙන්නේ, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට එරෙහිව සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ හා විකෘති පුවත් පළ වන බවයි.

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

මෙම ව්‍යාජ පුවත් හා විකෘති සටහන් එකවරක් හෝ දෙවරක් නොව, දිගින් දිගටම පළ වන බැවින්, ඒවාට සම්බන්ධ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි, සහ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් සිදු කර, නීතිමය පියවර ගන්නා ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.

එම ව්‍යාජ පුවත් පිළිබඳ සබැඳි සහ සටහන් ලිපිය සමඟ අමුණා ඇති බවට එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් සඳහන් වනවා.

උසස් පෙළ ප්‍රතිඵල එන දවස මෙන්න

උසස් පෙළ ප්‍රතිඵල එන දවස මෙන්න