අමෙරිකානු පොලී අනුපාතිය ඉහළට - වසර තුනකට පසු වුණ වෙනස මෙන්න
අමෙරිකානු ෆෙඩරල් සංචිතය සිය ප්රධාන පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව, නව පොලී අනුපාත පරාසය සියයට 3.75ත් 4.00ත් අතර පවතින බව වාර්තා වේ.
2023 වසරෙන් පසු ෆෙඩරල් සංචිතය පොලී අනුපාත ඉහළ නැංවූ පළමු අවස්ථාව මෙයයි.
ෆෙඩරල් සංචිත සභාපති කෙවින් වෝර්ෂ් සඳහන් කර ඇත්තේ, ඉරාන යුද්ධය සහ ඒ ආශ්රිතව ඇති වූ තෙල් සැපයුම් බාධා හේතුවෙන් උද්ධමනය අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීම මෙම තීරණයට ප්රධාන වශයෙන් බලපා ඇති බවයි.