2022 රට පුරා සියලු පාසල් වලට කරන්න යන දේ මෙන්න.

Sri Lanka Education School New subject Sitharajayasena
By Aruna Dec 14, 2021 02:50 AM GMT
Aruna

Aruna

Report

ගුරුවරුන් 2,700ක් ලබන වසරේදී පාසල් පද්ධතිය‌ට ලබන වසරේ සිට 6 – 13 ශ්‍රේණි දක්වා සිසුන්හට නව විෂයක් ලෙස ‘වෘත්තීය මාර්ගෝපදේශය’ ඇතුළත් කරන බව මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්‍යක්ෂ සිතාරා ජයසේන පැවැසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (13 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ඒකාබද්ධව මේ දිනවලදී විෂය මාලා සංශෝධන කටයුතු සිදුකෙරෙන බවද ඇය කීවාය.

අදාළ නව විෂය ඉගැන්විය හැකි ගුරුවරුන් පාසල් තුළ නොමැති හෙයින් ඊට අදාළ ගුරුවරුන් පහළොස්දහසක් මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් පුහුණු කරයි.

එහි මූලික අදියර ලෙස ගුරුවරුන් 2,700ක් ලබන වසරේදී පාසල් පද්ධතිය වෙත අනුයුක්ත කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha