එපා කියද්දී හෝමුස් හරහා ගිය ඉන්දීය නැව් දෙකක විනාශයි - ඉරානයෙන් වෙඩි

Report

ඉන්දීය ධජය සහිතව යාත්‍රා කළ නෞකා දෙකකට හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ප්‍රහාරක බෝට්ටු මගින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕමානයේ ඊසාන දෙසින් පිහිටි, තෙල් ප්‍රවාහනය සඳහා ඉතා වැදගත් නැව් මාර්ගයකදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, ඉන් 'ජග් අර්නාව්' සහ 'සන්මාර් හෙරල්ඩ්' යන නෞකා දෙකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා නොකර ආපසු හැරීමට සිදුව ඇත.

ඉරානය සහ අමෙරිකාව අතර යුද ගිනි ඇවිලේ - නෞකාව අල්ලා ගැනීම ගැන ඉරානයෙන් දරුණු අනතුරු ඇඟවීමක්

ඉරානය සහ අමෙරිකාව අතර යුද ගිනි ඇවිලේ - නෞකාව අල්ලා ගැනීම ගැන ඉරානයෙන් දරුණු අනතුරු ඇඟවීමක්

වෙඩි තැබීමෙන් නෞකාවලට හෝ එහි කාර්ය මණ්ඩලයට හානියක් සිදුව නොමැති වුවද, ඉන් එක් නෞකාවක් විශාල ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බව සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉරාන තානාපතිවරයා කැඳවීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, එහිදී සිද්ධිය පිළිබඳ ඉන්දියාවේ දැඩි කණස්සල්ල ඉරාන තානාපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

අද දවසේ ගමන් බිමන් යන ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රදේශ ටික මෙන්න

අද දවසේ ගමන් බිමන් යන ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රදේශ ටික මෙන්න