අන්තිම මොහොතේ කවුරුත් බලා සිටි තීරණය කියයි - හිටපු ජනපතිනිය චන්ද්‍රිකාගේ සහය කාටද..?
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවේ,මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිවේදනයෙන් දැනුම් දුන්නේ, විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බවයි.