ලොව හොඳම පර්යේෂකයන් අතරට ගිය මහාචාර්ය චන්දිම ජීවාන්දර

By Sithumi Mar 30, 2023 01:46 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ පර්යේෂකයින් සඳහා වූ සම්මානයක් සඳහා නිර්දේශ වී තිබෙනවා.

"ප්‍රතිශක්තිකරණවේදය සඳහා වූ බ්‍රිතාන්‍ය සමාජය" විසින් මෙම සම්මාන ප්‍රධානය සිදුකරයි.

"BSI Early Career Research Excellence Award" එම ක්ෂේත්‍රයේ දක්ෂතා දක්වන විද්‍යාඥයින් හය දෙනෙකුගේ නම් නිර්දේශ කර ඇති අතර ඉන් 5 දෙනෙක්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් වීම විශේෂත්වයකි.

මෙහි ජයග්‍රාහකයාව අප්‍රේල් 20 වනදා නම් කිරීමට නියමිත බව එම සමාජය පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha