බෙංගාල බොක්ක කැළඹිමක් අත ලග - ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක් [VIDEO]
By Malith Madushan
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරියක වන විද්‍යා උදේනි වීරසිංහ මහත්මිය පවසයි.
ඇය සඳහන් කළේ එම පද්ධතිය මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පවතින බවයි.
එම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් අද (16) සවස් කාලය වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළු කුණාටුවක් බවට වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද ඇය සඳහන් කළාය.
''ශ්‍රී ලංකාවට ඊසාන දෙසෛන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ.
ඒත් දැනට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ ඊසාන දෙසින් මේ වන විට එය ස්ථානගතව පවතිනවා.
මෙය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් අද සවස් කාලය පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ අශ්රීතව සුළු කුණාටුවක් බවටත්, එය හෙට දිනය පමණ වන විට ප්‍රබල සුළි කුණාටුවක් බවටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ පවතිනවා. නමුත් මෙම පද්ධතිය මගින් ලංකාවේ ගොඩබිමට වන බලපෑම අවම මට්ටමක පවතින්නේ. ඒ නිසා දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපි ඉදිරි දිනවලදී බලාපොරොත්තු වෙනවා.
මේ අනුව අද දිවයිනේ කාලගුණ තත්ත්වය සැලකුවොත්, දවසේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළුවලින් බරව පවතිවි.
කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවලත් වැසි වාර කිහිපයක් අපි අද දිනයේදි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් අද දවසේ පවතින්නේ.
දිවයින වටා වන මුහුදුබඩ ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සැලකීමේදී, විශේෂයෙන්ම මේ පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 5ත් 15ත් නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවලත්, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස අපි දැනුම් දෙනු ලබනවා.ඒ වගේම මෙම මුහුදු ප්‍රදේශවල දැනට ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා හැකි ඉක්මනින් යාත්‍රා කරන ලෙසත් අපි දැනුම් දෙනු ලබනවා.
ඒ වගේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අද දින කාලගුණ තත්ත්වය සැලකුවොත්, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්.
සුළං තත්ත්වය සැලකීමේදී සුළං හමන්නේ වයඹ හෝ බටහිර දිශාවලින්. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර අගයක් ගන්නේ. නමුත් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. මේ නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් පවතිනවා.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. මේ නිසා දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වීමේ හැකියාවක් පවතිනවා.''
දිවයින වටා වන මුහුදුබඩ ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සැලකීමේදී, විශේෂයෙන්ම මේ පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 5ත් 15ත් නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවලත්, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස අපි දැනුම් දෙනු ලබනවා.ඒ වගේම මෙම මුහුදු ප්‍රදේශවල දැනට ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා හැකි ඉක්මනින් යාත්‍රා කරන ලෙසත් අපි දැනුම් දෙනු ලබනවා. ඒ වගේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අද දින කාලගුණ තත්ත්වය සැලකුවොත්, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සුළං තත්ත්වය සැලකීමේදී සුළං හමන්නේ වයඹ හෝ බටහිර දිශාවලින්. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර අගයක් ගන්නේ. නමුත් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. මේ නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් පවතිනවා. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. මේ නිසා දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වීමේ හැකියාවක් පවතිනවා.''