ශ්‍රී ලංකා - ඇෆ්ගන් තෙවන සටනේ පන්දුවට පහර දෙමින් සිටි චාමික හදිස්යේම පිටියෙන් ඉවත්වෙයි.- (LIVE VIDEO)
මීට සුළු මොහොතක ට පෙර පන්දුවට පහර දෙමින් සිටි චාමික ගුණසේකර හදිසියේම පිටියෙන් ඉවත් වීමට තීරණය කළා.
ඒ, ඔහුගේ හෙල්මටයෙහි ඊට මොහොතක ට පෙර පන්දුවක් වැදුණු අතර ඒ හේතුවෙන් ඇතිවූ අපහසුතාවයක් නිසා මෙම තීරණය ගත් බවයි.
UPDATE
..............................................................................................................................................
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන සටන අද ආරම්භ වුණා.
ඊයේ (03) දෙවන් දිනය වෙනුවෙන් තරගය නතර කරන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 6ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 410ක්.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටි සධීර සමරවික්‍රම රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 21ක්.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ඒ දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමඟින් .
දිනේශ් චන්දිමාල් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 107ක් වන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු ඉනීම වෙනුවෙන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 198ක්.
Sponsored By Sarrita Jewellery
