චමරි අතපත්තු පාද ආබාධයකට ලක්වෙයි
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව අද (11) පැවැත්වුණු තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පාදයේ ආබාධයකට ලක්වූවාය.
ශ්‍රී ලංකා ඉනිමේ 5.3 වැනි පන්දුවාරයේදී ලකුණක් සඳහා දිව යෑමේදී ඇගේ දකුණු කකුල මෙලෙස ආබාධයට ලක්විය.
ඒ හේතුවෙන් ඇය ආධාරක යොදාගනිමින් ක්‍රීඩා පිටියෙන් පිටතට රැගෙන යෑමට ශ්‍රී ලංකා භෞත චිකිත්සකවරයා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කළහ.
චමරි පිටියෙන් ඉවත්ව යන විට ශ්‍රී ලංකාව ලකුණු 17ක් රැස්කර තිබූ අතර, එහිදී චමරි පන්දු 20කට මුහුණ දී ලකුණු 7ක් රැස්කරගෙන සිටියාය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, චමරි යළිත් පන්දුවට පහරදීමට පිටියට පැමිණෙන බව කණ්ඩායම් කළමනාකාරිත්වය තහවුරු කළ බවයි.