වසර තිස් දෙකකට පසු කොටු වූ ඝාතනයේ සැකකරු
වසර තිස් දෙකකට පසු ඝාතනයකට සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනවල ප්‍රදේශයේ තරුණයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කලා යැයි කියන සිද්ධියක් සම්බන්ධවයි.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පට්ටිවිල ගෝනවල පදිංචි 63 හැවිරිදි රියැදුරෙකු ලෙස සේවය කරන පුද්ගලයෙක් බවද පොලිසිය සඳහන් කරයි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරියකුට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසනවා.
මෙම සැකකරු එකළ ගෝනවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඡාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සිදුකරමින් සිට ඇති අයකු බවත් මේ හේතුවෙන් අදාළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමට කිසිවකු හෝ ඉදිරිපත් වී සිට නොමැති බවත් පොලිසිය සඳහන් කරනවා.
සපුගස්කන්ද පොලිස් වසමේ ඕවිලාන පාර, පට්ටිවිල, ගෝනවල පදිංචි එච්. එම්. අජිත් පෙරේරා නොහොත් ‘චූටි මල්ලී’ නමැති තරුණයාව මීට වසර 32කට පෙර එනම් 1993 ඔක්තෝම්බර් මස 25 වැනිදා පිහියකින් ඇන ඝාතනය කළැයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (10) දිනයේදීයි.
සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.