ඇලකන්දේ අතහැර දමා ඇති බෝට්ටු ඉවත් කිරීමට නියෝග

Report

ඩෙංගු අධිඅවදානම් කලාපයක් වන වත්තල ඇලකන්ද ප්‍රදේශයේ අතහැර දමා ඇති බෝට්ටුවල ඩෙංගු මදුරු කීට බහුලව දක්නට ලැබෙන බැවින්, ඒවා වහාම ඉවත් කරගන්නා ලෙස හිමිකරුවන්ට නියෝග කර ඇත.

වත්තල ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධිඅවදානම් කලාපයක් ලෙස නම් කර ඇත. ඒ අනුව, ඇලකන්ද ප්‍රදේශයේ අතහැර දමා ඇති බෝට්ටු පරීක්ෂා කිරීම සිදු කළ අතර, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වූහ.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් මෙහිදී හඳුනාගනිමින් තිබිණි.

නීතිඥයාට පහර දුන් සිද්ධියට නීතිඥ සංගමයෙන් නිවේදනයක්

නීතිඥයාට පහර දුන් සිද්ධියට නීතිඥ සංගමයෙන් නිවේදනයක්

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන ආරක්ෂක කමිටුව සහ වත්තල පොලීසිය ඒකාබද්ධව මෙම හෙයුම ක්‍රියාත්මක කළේය.

යාත්‍රා 35කට වැඩි සංඛ්‍යාවක මදුරු කීට තෝවන් ලෙස පැවති බැවින්, මෙම බෝට්ටු දින 14ක් තුළ ඉවත් කරගන්නා ලෙස හිමිකරුවන්ට උපදෙස් ලබාදී ඇත. 

රටටත් ලැජ්ජයි - ලංකාවට ආපු නේපාල කාන්තාවට තරුණයෙක් කරපු හරියක්

රටටත් ලැජ්ජයි - ලංකාවට ආපු නේපාල කාන්තාවට තරුණයෙක් කරපු හරියක්