එජාපය සමඟ එකමුතුවක් සදහා යෝජනා මාලාවක් - සජබ පක්ෂයෙන් විශේෂ කමිටුවක්

By Shehan Oct 11, 2025 03:55 PM GMT
Report

එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමේ අරමුණින් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකයන් වෙති.

එජාපය සමඟ එකට වැඩ කිරීමේ හැකියාව පැහැදිලි කරන යෝජනා මාලාව සකස් කර සජබ නායකයා වෙත ඉදිරිපත් කිරීම මෙම සිව්දෙනාගේ වගකීම වන අතර, මෙය පසුගිය සතියේ රැස්වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ තීරණයකි.

බැසිල් 2005 ඡන්දය දිනන්න LTTEයට සල්ලි දුන්න හැටි ෆොන්සේකා වමාරයි

බැසිල් 2005 ඡන්දය දිනන්න LTTEයට සල්ලි දුන්න හැටි ෆොන්සේකා වමාරයි

එසේම, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යෑමේ ආකාරය ගවේෂණය කිරීම මෙම කමිටුවේ වගකීම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස මූලිකත්වය තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත. කළමනාකරණ කමිටුවේ එම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩලය ද ඒකමතිකව එය අනුමත කළ බැවින්, එක්සත් ජාතික පක්ෂය සමඟ සමගි ජන බලවේගයේ මූලිකත්වය ඇතිව එම කටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනු ඇති බව ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂයේ එක්සත් රැලිය නුගේගොඩහි - දේශපාලන ඉතිහාසයට නව පියවරක්?

විපක්ෂයේ එක්සත් රැලිය නුගේගොඩහි - දේශපාලන ඉතිහාසයට නව පියවරක්?

සජබෙන් සෙට් එකක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න යයි

සජබෙන් සෙට් එකක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න යයි