ලංවිම ඉංජිනේරුවන් බලශක්ති ඇමති හමුවෙයි

Report

ලංකා විදුලිබල මණ්ඩලය අවිධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති ගෙන යන වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටින ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමූ වී ඇත.

මෙහිදී සාකච්ඡාවක් පැවැත් වූ අතර එයට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ අලුතින් ස්ථාපිත සමාගම් හතරේ සභාපතිවරුන්ගේ ද සහභාගි වී ඇත.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට විරෝධය පළකරමින් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති කිහිපයක් පසුගිය සැප්තැම්බර් 04 ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන අතර, ලංවිම ඉංජිනේරු සංගමය පසුගිය 7 වැනිදා ප්‍රකාශ කළේ, එය සහයෝගය නොදැක්වීමේ අදියර දක්වා තීව්‍ර කරන බවය.

ඒ යටතේ බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා සහ විදුලිබල මණ්ඩල සභාපතිවරයා සමග ගනුදෙනු කිරීමෙන් වළකින බවද, එහි විධායක සභික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේය.

එවැනි පසුබිම ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද බලශක්ති අමාත්‍යවරයා සහ විදුලි සමාගම් හතරේ සභාපතිවරුන් බලශක්ති අමාත්‍යාංශයේදී හමුවිය. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා මෙහිදී,

බැසිල් 2005 ඡන්දය දිනන්න LTTEයට සල්ලි දුන්න හැටි ෆොන්සේකා වමාරයි

බැසිල් 2005 ඡන්දය දිනන්න LTTEයට සල්ලි දුන්න හැටි ෆොන්සේකා වමාරයි

''ඉංජිනියර්ස් යූනියන් එකත් එක්ක සාකච්ඡාව තිබ්බේ. ඒකේදී කතා කරේ කොහොමද අපි අලුතෙන් වැඩ කරගෙන යන්නේ? කොහොමද ස්ටාෆ් බෙදාගන්නේ? අලුත් අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම් මොනවද? ඒ වගේ දේවල් තමයි කතා කරේ. අද සාකච්ඡාව සාර්ථකයි.''

අදහස් දැක්වූ අතර කෙසේ වෙතත්, සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තිය සමිති මාධ්‍යයට අදහස් දැක්වීමට මැලිකමක් දැක්වූවේය. සාකච්ඡාව පිළිබඳ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගෙන් අදහස් දැනගැනීමට මාධ්‍යවේදීන් ගත් උත්සාහය ද සාර්ථක වූයේ නැති බව වාර්තා වේ.

ගුවන් අනතුරක් - මගීන්ගේ හුස්ම හිරවෙයි

ගුවන් අනතුරක් - මගීන්ගේ හුස්ම හිරවෙයි