ගවයින් බැලීමට ගිය මිනිසා අකුණු සැර වැදී මරුට

Report

උහන පොලිස් වසමට අයත් හිමිදුරාව ගම්මානයේ අද (11) දින සවස ගවයන් බැලීම සදහා ගොස් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීම නිසා මියගොස් ඇතිබව, උහන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ උහන හිමිදුරාව ජනපදයේ පදිංචි විජේකෝන් මුදියන්සේලාගේ අජිත් පුෂ්ප කුමාර නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වැසි පැවති අවස්ථාවේ මියගිය අය ගවයින් රැගෙන ඒම සදහා ගොස් සිටියදී ඇතුණු පහරට ගොදුරුවී ඇතිබව මූලික විමර්ශනයේදී අනාවරණයවී ඇත.

උහන පොලිස් ස්ථානාධිපති අනුජ ලංකාදේව මහතාගේ මෙහෙවීම මත පොලිස් විමර්ශන ආරම්භකර ඇත.

ගුවන් අනතුරක් - මගීන්ගේ හුස්ම හිරවෙයි

ගුවන් අනතුරක් - මගීන්ගේ හුස්ම හිරවෙයි