නීතිඥයාට පහර දුන් සිද්ධියට නීතිඥ සංගමයෙන් නිවේදනයක්

Report

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී ඊයේ (10) පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදීමක් සිදු කර තිබේ.

නීතීඥවරයෙක් විසින් පෙනී සිටි නඩු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබූ අතර එම බස් රථයට යාමට ඉඩ සලසමින් මෝටර් රථය පිටතට ගන්නා ලෙස පොලිස් කොස්තාපල්වරයා විසින් නීතීඥවරයා වෙත පවසා ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව පොලිස් නිලධාරියා විසින් නීතීඥවරයාට පහරදුන් බවටයි චෝදනා එල්ල කරන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී ඊයේ (10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අධිකරණ පරිශ්‍රයේ සිදුවූ මෙම සිද්ධිය පිළිබඳ ඔවුන් දැඩි කනස්සල්ල පළ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

නීතිඥවරයෙකු පොලිස් නිලධාරියෙකුගේ පහරදීමට ලක්වීම දැඩි සේ හෙළාදකින අතර, ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පොලිසිය මෙලෙස බලය පාවිච්චි කිරීම පිළිබඳ විරුද්ධවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක් වේ.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත්, මෙවැනි සිදුවීම් යළි නොවීමට වග බලාගන්නා ලෙසත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයා සඳහන් කර ඇත්තේ තමන් නීතීඥවරයාට පහරදීමක් සිදු නොකළ බවය. කෙසේවෙතත් කොස්තාපල්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මර්දනය කියන්නේ මේ ආණ්ඩුවේ ස්ටයිල් එක - ඇරෙනවා කෙසේ වෙතත් දිනෙන් දින කර්මාන්තශාලා වැහෙනවා

මර්දනය කියන්නේ මේ ආණ්ඩුවේ ස්ටයිල් එක - ඇරෙනවා කෙසේ වෙතත් දිනෙන් දින කර්මාන්තශාලා වැහෙනවා

එවන් පසුබිමක උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් කොස්තාපල්වරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළහොත් නීතීඥවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර නීතිය ක්‍රියාත්මක කරන බවය.