දුවගෙ කොටහළු ගෙදරට රත්තරන් බඩු ගන්න යැයි ආ යුවල ලක්ෂ හතරක රත්තරන් බඩු මංකොල්ල කයි

Report

රත්‍රන් මිලදී ගැනීමට යැයි පවසමින් අවිස්සාවේල්ල නගරයේ ‍රන් සාප්පුවකට පැමිණ රුපියල් ලක්ෂ 4ක ස්වර්ණාභරණ පෙට්ටියක් කොල්ලකා පලා ගිය යුවළක් පිළිබඳව වාර්තා වේ. පසුව එම යුවල අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

මෙම සැකකරු වනගතව ජීවත් වෙමින් කලින් කළට පැමිණ මෙවැනි කොල්ලකෑම් සිදුකරමින් සිටින අයකු බවත් මෙහි සැකකාරිය එම සැකකරුගේ අනියම් බිරිය බවත් පොලිසිය සඳහන් කරයි.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

මෙම සැකකරුවන් ඊයේ (10) අවිස්සාවේල්ල නගරයේ ඇති මෙම රන් භාණ්ඩ අලෙවිසලට පැමිණ සිය දියණියගේ වැඩිවිය පැමිණීමේ උත්සවය නිමිත්තෙන් රන් මාලයක් සහ මුදුවක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියමින් රන් භාණ්ඩ පරීක්ෂා කරන මුවාවෙන් රන් පෙට්ටියක් රැගෙන පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු මෙවැනි සිද්ධීන් හේතුවෙන් සිව් වරක් බන්ධනාගාර ගතව සිට ඇති අයකු බවත්, වරක් හිරෙන් පැනගොස් තිබූ අයකු බවත් පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්රිය පාර, උක්වත්ත පදිංචි 41 හැවිරිදි කාන්තාවක් සහ ‘කොටහැර ඇටයා’ නමැති අය බව පොලිසිය සඳහන් කරනවා.

ගුවන් අනතුරක් - මගීන්ගේ හුස්ම හිරවෙයි

ගුවන් අනතුරක් - මගීන්ගේ හුස්ම හිරවෙයි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පදිංචියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ අවිස්සාවේල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලක හිමිකාර ව්‍යාපාරික‍යෙක්.

මර්දනය කියන්නේ මේ ආණ්ඩුවේ ස්ටයිල් එක - ඇරෙනවා කෙසේ වෙතත් දිනෙන් දින කර්මාන්තශාලා වැහෙනවා

මර්දනය කියන්නේ මේ ආණ්ඩුවේ ස්ටයිල් එක - ඇරෙනවා කෙසේ වෙතත් දිනෙන් දින කර්මාන්තශාලා වැහෙනවා