වෙඩි නොවදින වාහන ආයි ඉල්ලන මහින්දයි මෛත්‍රී..
By Shehan
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන තමන් භාවිතා කළ වෙඩි නොවදින වාහන යළි රජයට භාර දුන් බවත්, එම වාහන ආපසු ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.
ජනාධිපති අයිතිවාසිකම් පනත අවලංගු කිරීමෙන් පසු මෙම වාහන මෑතකදී ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබිණි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ මෙම ඉල්ලීම් ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු කරන බවයි.
මෙම කමිටුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ පොලිස්පතිවරයා ඇතුළත් වනු ඇත.
කමිටුවේ සාකච්ඡාවලින් අනතුරුව, හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක විධිවිධාන සහ වෙඩි නොවදින වාහන සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.