ගම්මන්පිල - අනුර යාපා හදිසියේම රනිල් හමුවෙති
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂයේ පක්ෂ කිහිපයක නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබෙන බවට වාර්තා වේ. පොදුජන ඵක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංජීව ඵදිරිමාන්න ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය.
නොවැම්බර් මාසයේ මැදදී වර්තමාන ආණ්ඩුවට වසරක් සපිරෙන නිසා ආණ්ඩුවට එරෙහිව පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි මෙම හමුව කැඳවා තිබුණ බව සඳහන් වේ.
ඒ අනුව ලබන මාසයේදී ආණ්ඩුවට එරෙහිව පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරවල සංවිධාන කටයුතු සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.