අසනීපයෙන් පසු වුණ චාමර වීරසිංහ ගැන වෛද්‍යවරුන් විශේෂ තීරණයක් අරන්.. සුවහසක් රසිකයින්ට සතුටුදායක පණිවිඩයක් මෙන්න..
ගායන ශිල්පී චාමර වීරසිංහ අසනීප තත්ත්වයකින් පසු වූ බව අපි ඔබ සැම දෙනා දන්නා කාරණාවකී.
ඒ හේතුවෙන් චාමර වීරසිංහට ආදරය කරන රසිකයින් නම් ඔහුට සුව වන තෙක් කාලය ගත කළේ නම් සතුටින් නෙමෙයි.
නමුත් මේ කියන්න යන්නේ සතුටු හිතෙන කාරණාවක්.
ඒ තමයි ඊයේ (27) චාමර වීරසිංහයන් සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට සිය නිවස බලා පිටත්ව ගිය බවයි.
ඒ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළා.
ශ්වසන අපහසුතාවක් හේතුවෙන් චාමර වීරසිංහ දින 40කට ආසන්න කාලයක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු විය.
කෙසේ වෙතත්, එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කෙරුණු බව එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ ය.
Sponsored By Sarrita Jewellery