චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න.. (VIDEO)
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන චාමර වීරසිංහ සුව අතට හැරී තිබෙනවා.
ඒ අනුව ඔහුට සවිකර තිබූ ස්වසන ආධාරක යන්ත්‍රය ද ඉවත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ මේ වන විට පුටුවක වාඩි වී සිටීමේ හැකියාව ද ඔහුට ඇති බවයි.
තව ද, ඔහුට ගීත ගායනා කිරීමට තව කාලයක් ගත වන අතර ඒ සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කළ යුතු වේ.
එමෙන්ම, කතන අභ්‍යාස ද සිදුකළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
කෙසේ වෙතත්, මෙහිදී ස්වසන මාර්ගයේ ශල්‍යකර්මයක් සිදු නොකරන බවත් ඒ සඳහා ආධාරකයක් ලබා දීම පමණක් සිදු කර ඇති බවත් බෙල්ලන මහතා සඳහන් කළේ ය.
Sponsored By Sarrita Jewellery