සුවහසක් රසිකයින් බලා සිටින, චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.
තවමත් ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අද (27) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ය.
ඒ අනුව ඔහුගේ රෝගී තත්ත්වයේ ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බව ඔහු පැවසීය.
එමෙන්ම චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරි දින දෙක තුන ඇතුළත නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ හැකි බව වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.