ඇල්ල අනතුරත් මහින්ද නිසාලු උනේ යකෝ ඔක්කොම මහින්ද රාජපක්ෂගේ එකවුන්ට් එකට දාන්න එපා - චාමර සම්පත්
අද දින පාර්ලිමේන්තු සැසිවාරයේදී චාමර සම්පත් අමාත්‍යතුමා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කරමින් වර්තමාන ආණ්ඩුව සිදු කරන දෝශාරෝපණ පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කොට තිබුණි.
එහිදී පහළොස් දෙනෙකුට දිවි අහිමි කරමින් පසුගියදා සිදු වූ දරුණු ඇල්ලේ රිය අනතුර පිළිබඳව කතා කරන විට ආණ්ඩුවේ සමහරක් දෙනා මහින්ද රාජපක්ෂගේ කාලෙ පාරවල් හදපු හැටි තමයි ඔය කියලා ඔහුට දෝෂාරෝපණය කරමින් සිටින බව චාමර සම්පත් ඇමතිතුමා සඳහන් කරයි.
අද දින පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ඔහු ප්‍රකාශ කර තිබ්බේ මෙවන් අදහසකි
"පසුගිය දවසක ඇල්ල ප්‍රදේශයේ දරුණු අනතුරක් සිදුවුණා. මම මගේ කණගාටුව ප්‍රකාශ කරනවා ඇල්ල ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් විදිහට.මේ පහළොස් දෙනා මැරුණු එකට ප්‍රවාහන ඇමතිතුමා මොකක්ද කිව්වේ මේකත් මහින්ද රාජපක්ෂ හදපු පාරවල් වල වරද කියලා කියනවා.
යකෝ මේ හැම එකම මහින්දගේ එකවුන්ට් එකට දාන්න එපා.මේ පාර කැපුවේ හැට හතේ.මේක හැත්තෑවේ විවෘත කළේ.මේ පාරෙන් කිලෝමීටර් හතළිස් දෙකක වාසියක් තියෙනවා. ඒකවත් හිතන්නේ නැතුව ඒ පාරවල් කැපිල්ලත් මහින්ද රාජපක්ෂට දානවා.
අඩුම තරමේ මහින්ද රාජපක්ෂ හැට හතේ පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නෑ.මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආවේ හැත්තෑවේ."
යනුවෙන් චාමර සම්පත් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී අද දින අදහස් ඉදිරිපත් කර තිබුණි. ආණ්ඩුව මේ ආකාරයෙන් දිගට හරහට හිටපු දේශපාලන චරිත විවේචනය කිරීම යුක්ති සහගත නොවන බව බහුතර දෙනාගේ මතයයි.