චාමරගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් කොමිසම) විසින් ගොනු කර ඇති නඩුවකට අදාළව ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඇපය අවලංගු කර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (16) ප්‍රතික්ෂේප කළාය.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුගේ ඇපය අවලංගු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි හෝ කරුණු අනාවරණය නොවන බව පවසමින් එම ඉල්ලීම බැහැර කළාය.

මෙම තීරණයත් සමඟ මන්ත්‍රී චාමර සම්පත් දසනායක තවදුරටත් ඇප මත පිටත සිටිමින් නඩු කටයුතුවලට මුහුණ දීමට අවස්ථාව ලැබී ඇත.

හරක් කටාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ ටිරාන් - දේශබන්දු පිටුපස ලුහුබඳින ආණ්ඩුව

හරක් කටාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ ටිරාන් - දේශබන්දු පිටුපස ලුහුබඳින ආණ්ඩුව

කුඩු නවත්තන ආපු ආණ්ඩුව නැවැත්තුවේ ලුණු කුඩු.. - ලුණුත් පිටරටින්

කුඩු නවත්තන ආපු ආණ්ඩුව නැවැත්තුවේ ලුණු කුඩු.. - ලුණුත් පිටරටින්