මෙරටට ගෙනා චීන පොහොර ගැන තුන්වන පරීක්ෂණයෙන් හෙළි වූ දේ මෙන්න.

China Sri Lanka Chemical
By Aruna Nov 11, 2021 04:18 AM GMT
Aruna

Aruna

Report

මතභේදයට තුඩු දුන් චීන පොහොර පිළිබඳව තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී එම පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසනවා.

චීන සමාගම විසින් සපයන ලද සාම්පලවල කිසිඳු හානිකර බැක්ටීරියා, සැල්මොනෙල්ලා සහ ඇස්කරයිඩ් බිත්තර හමු නොවූ බවයි Schutter ආයතනයේ පරීක්ෂණ වාර්තාව පවසන්නේ.

මෙම ආයතනය එම සමාගම විසින් තෝරා ගත් තෙවැනි පාර්ශවීය ආයතනයක් වනවා.

මෙම පොහොර පිළිබඳව ශ්‍රී ලංකා ශාක නිරෝධායන සේවාව කළ පරීක්ෂණවලදී එහි අහිතකර බැක්ටීරියා ඇති බවට හෙළිවුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha