රාජ්‍යය ආයතනයක මුල් පුටු දෙකක් වෙනස් වෙයි..!
Ceylon Petroleum Corporation
Sri Lanka
By Sewvandhi
අද (05) සිට බලපැවැත්වෙන පරිදි, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ.
මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන දර්ශන රත්නායක මහතාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසද පත්කර තිබේ.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊට අදාළ ලිපි භාරදී තිබුණි.
