වාර්තාකරණය සම්බන්ධව මාධ්‍යයට රතු එළියක්..සමාජ මාධ්‍ය භාවිතා කරන අයත් පරිස්සමින්..

Police spokesman Sri Lanka Police Sri Lanka Social Media
By Aruna May 26, 2023 05:22 AM GMT
Aruna

Aruna

Report

ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපයෝජන සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකරමින් 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කර තිබෙනවා.

එම දණ්ඩ නීති සංග්‍රහයේ 365(ඇ) වගන්තිය යටතේ ලිංගික අපරාධයකට ගොදුරුවන ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අනන්‍යතාව හෙලිවන පරිදි මාධ්‍ය මඟින් තොරතුරු පලකිරීමට එරෙහිව අපරාධ නඩුවක් පවරා අවුරදු දෙකක් දක්වා සිර දඬුවම් පැනවිය හැකියි.

එහෙත්, 1998 අංක 50 දරන ජාතික ළමාරක්ෂක අධිකාරියේ පනත මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 365(ඇ) වගන්තිය ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉටු කළ යුතු කාර්යයක් ලෙස දක්වා නැහැ. ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහයේ 365(ඇ) වගන්තිය යටතේ නඩු පැවරිය යුත්තේ පොලිසියයි.

එහෙත්, අවස්ථා කිහිපයකදී මාධ්‍ය මඟින් ලිංගික අපරාධවලට ගොදුරු වූ ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අනන්‍යතාව හෙලිවන පරිදි තොරතුරු වාර්තා කළත්, පොලිසිය ඊට එරෙහිව එක් නඩුවක් හෝ පවරා නොමැති බවට ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීති අංශය චෝදනා කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now