ජනපති නිවසේ දී හදිසි සාකච්ඡාවක් - පොලිස්පති ගැන විශේෂ තීරණයක්..!

Sri Lanka Police Ranil Wickremesinghe
By Sewvandhi Mar 25, 2023 09:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදී ඇති බවයි. එම කාලසීමාවෙන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (25) දිනයේදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය අවසන්වීමට නියමිතව තිබුණි. එවන් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (24) සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා..

එහිදී ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමටය. ඉන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now