අධික දුම පිට කරන වාහන අල්ලන්න CCTV
අධික දුම නිකුත් කරන වාහන හඳුනා ගැනීමට සහ වැරදිකරුවන්ට එරෙහිව විධිමත් පියවර ගැනීමට පොලිස් CCTV කැමරා භාවිතය පිළිබඳ සාකච්ඡාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් , තොරතුරු තාක්ෂණ කොමසාරිස්, වාහන විමෝචන භාර අරමුදලේ අධ්‍යක්ෂ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.
වාහන විමෝචනය කළමනාකරණය කිරීම සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ CCTV දත්ත භාවිතා කිරීමට අමතරව, CCTV කැමරා පද්ධතිය නවීකරණය කිරීමට සහ තවදුරටත් පුළුල් කිරීමට අරමුදල පූර්ණ සහාය ලබා දෙන බව ඔහු පැවසීය.
වාහන විමෝචන භාර අරමුදල, වාහන විමෝචනය හේතුවෙන් වර්ධනය වන සෞඛ්‍ය, පාරිසරික සහ දේශගුණික ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා දැනටමත් උපාය මාර්ග කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටී. වාහන විමෝචන භාර අරමුදල වටිනා ජාතික වත්කමක් බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
