ඔයත් පූස් පැටවුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් ද?. එහෙනම් මේ සතුටු හිතෙන ආරංචිය ඔයාට..
China
By krishani
බළලුන් සම්බන්ධ පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.
ඒ එළු මස් සහ ඌරු මස් ලෙස පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට ඝාතකාගාර වෙත ප්‍රවාහනය කරමින් තිබු බළලුන් 1,000ක් සසම්බන්ධයෙන් ය.
එම සතුන් මුදා හැරීමට චීන පොලිසිය සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
මෙම වැටලීම සිදුකර ඇත්තේ සත්ත්ව ක්‍රියාකාරීන්ගෙන් ලැබුණු ඔත්තුවක් මතයි.
කෙසේ වෙතත්, මෙම බළලුන් නැඟෙනහිර චීනයේ ජියැංසූ ප්‍රාන්තය වෙත ප්‍රවාහනය කරන්නට ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවට එරට පොලිසිය සඳහන් කළේ ය.
