Toxoplasma gondii පරපෝෂිතයා ආසාදනය වීමෙන් ඇතිවන රෝගයකි
Toxoplasmosis යනු සුලභ පරපෝෂිතයන්ගෙන් එකක් වන Toxoplasma gondii පරපෝෂිතයා ආසාදනය වීමෙන් ඇතිවන රෝගයකි. ආසාදනය සාමාන්‍යයෙන් සිදුවන්නේ පිසින ලද දූෂිත මස් අනුභව කිරීම, ආසාදිත බළලුන්ගේ මළ මූත්‍රාවලට නිරාවරණය වීම හෝ ගර්භණී සමයේදී මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීමෙනි.
Toxoplasmosis රෝගය සමහර පුද්ගලයින් තුළ උණ වැනි රෝග ලක්ෂණ ඇති කළ හැකි නමුත් බලපෑමට ලක් වූ බොහෝ පුද්ගලයින් කිසි විටෙකත් රෝග ලක්ෂණ ඇති නොකරයි. ආසාදිත මව්වරුන්ට උපත ලැබූ ළදරුවන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට, Toxoplasmosis බරපතල සංකූලතා ඇති කළ හැකිය.
මේ පිලිබද කුලියාපිටිය ශික්ෂන රෝහලේ වෛද්‍යවරුන් හා නිවාරණ අංශයේ වෛද්‍ය වරුන් අතර පැවති සාකච්ඡාවකදී හෙළිවූ කරුනු අනුව
මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන.congenital toxoplasmosis නම් රෝගය නිසා ළදරු මරන කීපයක් සිදුවී ඇති බවට සැක කරන බව සහ මෙම රෝගයෙන් අලුත උපන් දරුවන් කීප දෙනෙකු රෝගී වී ඇති බවත්..
මේ රෝගය බිහිසුණුයි.රෝගී දරුවන් අපස්මාරය. ඇස් අන්ධ වීම ..මන්ද බුද්ධික වීම...අක්මාව ඉදිමීම.වගේ තත්ව ඇති වෙනවා..
මෙි රෝගය පැතිරෙන්නේ පූසන්ගෙ මල පහ ඇසුරෙන්..
ගර්භණී කාලේ අම්මලා පූසන් ලගට නොගත යුතුයි.පූසන්ගෙ මල පහ කිසිවිටක ස්පර්ෂ නොවීමට වග බලා ගන්න...රෝගය බෝවීම සිදුවන්නේ මළපහ හරහා.
Toxoplasmosis රෝගය සෑදෙන ප්‍රධාන ආකාර තුනකි.
1.) රෝගී පූසන්ගේ මළපහ මාර්ගයෙන්.(ඍජුවම හෝ පස හරහා)
2.) Toxoplasmosis රෝගී වෙනත් සතුන්ගේ මස් නිසි ලෙස පිසීමෙන් තොරව ආහාරයට ගැනීමෙන්.
3.) ගර්භණී අවධියේ මවගෙන් දරුවාට.
මෙහි රෝග ලක්ෂණ වන්නේ
ශරීර කැක්කුම
ඉදිමුණු වසා ගැටිති
හිසරදය
උණ
තෙහෙට්ටුව
ඕනෑම කෙනෙකුට මෙම රෝගය වැළඳීමේ හැකියාව ඇති අතර ගර්භණී සමයේ මවට වැළඳුනහොත් උපදින ළදරුවාට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතී.
එම නිසා අවදානමක් නොගෙන රෝගයෙන් වැළකී සිටීමට වගබලා ගැනීම වැදගත්