" අපි දෙන්නම ඇගේ නූල්පටක් නැතුව දන ගහගෙන හිටියේ " ජීවීතයක් අහිමි කල අසම්මත බැදීම
කසුන් කියලා කියන්නෙ අගනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක ඉගෙනුම ලබපු සිසුවෙක්. ඔහු අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක ලෙස කරගෙන ගියා. කසුන්ගෙ යාලුවෝ උසස්පෙළ පංතිවලට එනකොට පෙම්වතියන් ඇසුරු කරන්න පටන් ගත්තත් කසුන් එවැනි දේවල්වලට යොමු නොවී හොඳින් අධ්‍යාපනය හැදෑරුවා.
ඔහුගේ අම්මාත් තාත්තාත් දෙපළම ගුරුවරියන් නිසා ඔහුට ගෙදරිනුත් හොඳ සහයෝගයක් වගේම වැඩි බලපෑමකුත් තිබුණා. උසස්පෙළ අවසන් වසර වෙනකොට කසුන්ගෙ දෙමව්පියන් ඔහුට රසායන විද්‍යාව උගන්වන්න විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් එවකට කණ්ඩායම් පන්ති පවත්වමින් සිටි මහේෂ්ව නිවසට කැඳෙව්වෙ කසුන් තරමක් රසායන විද්‍යාවට දුර්වල නිසා.
මහේෂ් හැම සති අන්තයේම රාත්‍රී කාලයේ ඔහුගෙ අමතර පංතිය කසුන්ගෙ නිවසේදි කළා. කසුන් ඊට සහභාගි වුණේ ඉතාම කැමැත්තෙන්. ඒ වගේම ඉතාම ඉක්මනින් ඔහු විෂයටත් දක්ෂ වුණා. සති කිහිපයක් ගෙවෙනකොට කසුන්ට මහේෂ් ගැන තිබුණු හැඟීමේ වෙනසක් තියෙන බව වැටහුණා.
මහේෂ් ගැන ගුරුවරයෙකුට, සහෝදරයෙකුට හෝ යහළුවෙක්ට එහා ගිය හැඟීමක් දැනෙන බව ඔහු තේරුම් ගත්තා. කසුන් කියන්නෙ ඉතාම සාම්ප්‍රදායික සංස්කෘතික වටපිටාවක හැදුණු දරුවෙක්. ඒ නිසාම ඔහු තමන්ට දැනෙන හැඟීම්වල අස්වාභාවිකත්වය ගැන බය වුණා.
වැඩි වැඩියෙන් තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න ගත්තා. ඒ වගේම තමන් ගැන පිටස්තරයින්, පවුලේ අය මොන වගේ අදහසක් දරයිද කියන එක ගැන හිතලම කසුන් මානසිකව වියවුල් භාවයකට පත් වුණා. කසුන්ට අධ්‍යාපනය ගැන අවධානය එන්න එන්නම ගිලිහෙන බව මහේෂ් තේරුම් ගත්තා. මහේෂ් දවසක් මේ ගැන කසුන් එක්ක බොහොම සුහදශීලී ව කතා කළා.
කසුන් හැමදේම ඔහු එක්ක බෙදාගත්තා. ඒ විතරක් නෙමෙයි, මහේෂ් කසුන්ගෙ හිත නොසෑහෙන්න සුවපත් කළා. එතනිනුත් එහාට ගිහින් මහේෂ් කසුන්ගෙ ආදරය පිළිගත්තා. ඒ වගේම පෙරළා ආදරය දක්වන්නත් පටන් ගත්තා. මේ අසම්මතය දෙන්නටම නොදැනී බොහොම දුර ගියා.
"විභාගෙ ළං වෙනකොට මම ගොඩක් රෑ වෙනකල් පංති කරා. එහෙම දවසට ගෙදර හැමෝම නිදාගන්නවා. අපි දෙන්නා විතරයි තනියම... මටත් හැගීම් දැනීම් කියලා දෙයක් තියෙනවනෙ. මම කසුන් එක්ක ගොඩක් දේවල් බෙදාගත්තා. එක දවසක් අපි දෙන්නම කසුන්ගෙ ස්ටඩී රූම් එකේ..... ඉන්න අතරෙ.. එකපාරටම කසුන්ගෙ තාත්තා කාමරේට ආවා.
කසුන් හිටියෙ බිම දණ ගහගෙන. මම පුටුවෙ වාඩි වෙලා... ගාණක් වරද්දලා බිම දණ ගැස්සෙව්වා කියන්නයැ... දෙන්නම හිටියෙ ඇඟේ නූල් පොටක් නැතුව... මම රෙදි අතේ තියන් එළියට බැස්සෙ ගුටි කාගෙන... මං එදා ගෙදර ගිහින් රෑ එළි වෙනකල් කල්පනා කළා කසුන්ගෙ ගෙදරත් එක්ක මේක විසඳගන්නෙ කොහොමද කියලා..
ඒත් පාන්දර වෙද්දි නින්ද ගිහින් උදේ ඇහැරෙනකොට කසුන්ගෙ යාලුවෝ හැමෝගෙම ෆේස්බුක් ප්‍රොෆයිල් වල සුදු කොඩි වැට්ලා... කොල්ලාට ගෙදරින් හොඳටම ගහල තියෙනවා. අඩු තරමෙ ලියුමක්වත් ලියලා තිබුණෙ නෑ... මට එක මැසේජ් එකක්වත්... ඒ කිසිම දෙයක් නොකර හිතාගන්න බැරි ඉක්මනට එයා යන්නම ගියා...!" අනන්‍යතාවය යනු ජීවත් වීමට ඇති හේතුව මිස මිය යාමට හේතුවක් නොවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |