වසර දෙකකට පසු නිදහස් වූ මස් හට්ටිය..

Report

පිසින ලද මුවමස් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අංගම්මැටිල්ල වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

IMF නියෝජිතයින් සහ ජනපති අතර හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදි..

IMF නියෝජිතයින් සහ ජනපති අතර හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදි..

පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර දෙකක් විභාග වූ නඩුවකින් පසු ඔහුට රුපියල් 50,000 ක දඩයක් හා වසර පහක අත් හිටවුන ලද සිරදඬුවමක් ලබාදෙන ලෙස අද (03) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් යූ.ඒ.එස්.කේ. වික්‍රමරත්න මහතා විසින් නියෝග කර තිබෙනවා.

මෙම දඬුවමට ලක්ව ඇත්තේ අංක 06 ධීවර ගම්මානය කලහගල, පොළොන්නරුව ලිපිනයේ පදිංචිව සිටි කිරාලලාගේ කළුබණ්ඩා යන අයෙකුටයි.

පෙම්වතිය බලන්න ආ සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට..

පෙම්වතිය බලන්න ආ සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට..

2022 ඔක්තෝබර් 10 අදාළ සැකකරු තම නිවසේ පිසින ලද මුවමස් තබාගෙන සිටියදී අංගම්මැණිල්ල වනජීවී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් මගින් සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අනතුරුව නඩු පැවරූ අතර එම නඩුව වසර දෙකක්ම විභාග වී ඇත. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 30(ඇ) වගන්තිය යටතේ නඩුව ගොනුකර තිබුණි.

අලුතින් පත්වුණු වරාය අධිකාරියේ නව සභාපති මේ වගේ කෙනෙක් කියල දන්නවද..

අලුතින් පත්වුණු වරාය අධිකාරියේ නව සභාපති මේ වගේ කෙනෙක් කියල දන්නවද..

අදාළ සැකකරු, අංගම් මැඩිල්ල වනජීවී කාර්යාලයේ අඩවි සහකාර, බී.ජී.ඒ.එම්. දිනේෂ්, වනසත්ව නියාමක යු.බී.එස්.එන්. කුමාරසිංහ යන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අංගම්මැඩිල්ල උද්‍යාන භාරකරු, ආර්.පී.එස්. උඩපෝරුව, අයි.පී.කේ. රණතුංග යන මහත්වරු විසින් මෙම නඩුව මෙහෙයවා තිබෙනවා.