සති 6න බැරි වුනොත් බලාගමු... කාදිනල් තුමන් සැර වෙයි VIDEO UPDATED

Report

ඉදිරි සති 6ක කාලය තුළ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පිළිබඳ සාධාරණ සංඥාවක් වත්මන් ආණ්ඩුවෙන් අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

මේ ආණ්ඩුවද පාස්කු ප්‍රහාරයෙන් පිඩාවට පත් වූ ජනතාවට අධාරණය ඉෂ්ඨ කරන බවට පොරොන්දු වී බලයට පත් වූ බව කාදිනල් තුමන් සිහිපත් කර සිටියා. එම නිසා ඉදිරි සති 6ක් ඇතුලත අවශ්‍ය පියවර ගන්නා ලෙසයි උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ.

අගරදගුරු මැදුරේදී ඊයේ (15) පැවති ජන සන්නිවේදන සමුළුවට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසුවා.

පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර එවැනි යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් නැවතත් සිදුවන්නේ පාරට බැසීම බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.