මෝටර් රථයක් ඇලකට පෙරළී දරුණු අනතුරක්
අතුරුගිරියේ සිට මාලඹේ දෙසට පැමිණි මෝටර් රථයක් මාලඹේ අරංගල මගුරු ඇළට වැටී පෙරළී ඇති බවට වාර්තාවේ.
මෝටර් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවට සඳහන් වේ.
අද අළුයම දෙකට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා කඩිනමින්ම හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ.
මේ හේතුවෙන් අද උදෑසන එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පැවතුණි. සිදුවීම සම්බන්ධයෙන් මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.