පළාත් සභා ජය අරන් ජනතා ප්‍රශ්න විසඳනවා අලි මිනිස් ගැටුමට අපි ළඟ හොඳ විසඳුම් තියෙනවා - විපක්ෂ නායක

Report

ඉදිරියේදී පවත්වන පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරමින් ග්‍රාමීය ජනතාවගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර තන්තිරිමලය උපතිස්සගම රජමහා විහාරස්ථානය පැවති විපක්ෂ නායක ජංගම සේවයට සහභාගි වෙමිනි. විපක්ෂ නායකවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

"විපක්‍ෂයට කරන්න පුළුවන් කාර්යය ඉතාමත් සීමාසහිතය.අපි සූදානම් නීච්‍රාශීලීව කටයුතු කරන ආණ්ඩුව අඩුම ගානේ කූදලා හරි අරගෙන ඔබේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම සඳහා යම්කිසි බලපෑමක් කරන්න.වනඅලි - මිනිස් ගැටුමට මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ. අපි ළඟ තියෙනවා.

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

හොඳ විසඳුම්, කිසිසේත් අපි කියන්නේ නෑ මාස දෙක තුනකින් විසඳුම් ලබාදෙනවා කියලා. ඒ වගේම වගා හානිවලට දේපළ හානිවලට වන්දි ගෙවන හොඳ වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ. වනඅලි ප්‍රහාරයකින් ජීවිතයක් අහිමි වුණොත් දෙන ලක්ෂ දහය ගන්න සිය දහස් වාරයක් කාර්යාලවලට යන්න ඕන.

ලිපි ලේඛන කිහිපවරක් දෙන්න ඕන. අඩුම තරමින් පුංචියට හෝ වගා රක්ෂණ වැඩ පිළිවෙළට විසඳුම් පළාත් සභාව හරහා ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මම පැහැදිලිව කියනවා මල්වතු ඔය ව්‍යාපාරය පිළිබඳ කාලවකවානු සහිතව නිශ්චිත උත්තරයක් මේ ආණ්ඩුවෙන් ඔබ වෙනුවෙන් ලබා ගැනීමට කටයුතු කරනවා"

යනුවෙන් අදහස් දැක්විය.

මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු