ලොකු උපාධි ගන්න ගිය දොස්තරලා 68ක්ම කට්ටි පැනලා - රජයට විශාල පාඩුවක්
පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 71 දෙනෙකුගෙන් 68 දෙනෙකුම එම උපාධිය සම්පූර්ණ නොකර කට්ටි පැන ඇතැයි අලුත්ම විගණන වාර්තාවේ සඳහන්වේ.
ඒ අනුව, මෙම නිලධාරීන් වෙනුවෙන් රජය දරන ලද සමස්ත වියදම නාස්ති වී ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි. එසේම, වෛද්‍ය නිලධාරීන් දොළොස් දෙනෙකු සේවය අතහැර යෑම සම්බන්ධයෙන්, වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධිය ආයතනයට දැනුම් දීමට අමාත්‍යාංශය කටයුතු නොකළ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
විගණන කාර්යාලය බැඳුම්කර කඩ කරන වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය යුතු මුදල්, ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමේදී අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාව සොයා බලන ලෙස නිර්දේශ කර ඇත.
මෙම තොරතුරු සියල්ල සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් හා විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධවූ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ.