ආයේ තෙල් එන්නේ සිංගප්පූරුවෙන් - ඛනිජ තෙල් සංස්ථාව ලංසු තියයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025 -11-15 දින සිට 2026-06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 05ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම පිණිස එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.
මෙලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කැදවූ ලංසුවට ලංසුකරුවන් 07 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.
බලශක්ති අමාත්‍යතුමා විසින් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ ට්‍රැෆිගුරා පුද්ගලික සමාගම (M/s. Trafigura Pte. Ltd.) වෙත ප්‍රදානය කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.