මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ඇති මතභේදය ගැන සමාමෙන් පැහැදිලි කිරීමක්

Report

ශ්‍රී ලංකාවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව විගණකාධිපති කාර්යාලය මඟින් ඉදිරිපත් කරන ලද විශේෂ විගණන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global සමාගම මඟින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව VFS Global සමාගම, මාර්ගගත වීසා නිකුත් කිරීමේ පද්ධතියට අදාළ විශේෂ විගණනයට අවශ්‍ය විය හැකි සම්පූර්ණ සහයෝගය සහ ඕනෑම තොරතුරක් සැපයීමට සූදානම් බවට 2024 නොවැම්බර් 7 වැනිදා විගණකාධිපති කාර්යාලයට දැනුම් දුන් බව සඳහන් කර තිබෙනවා.

එහෙත් මේ සඳහා විගණකාධිපති කාර්යාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි VFS Global සමාගම දක්වා ඇත්තේ.

ඩොලරය වේගයෙන් ඉහළට රුපියල පහතට -අද අගය මෙන්න

ඩොලරය වේගයෙන් ඉහළට රුපියල පහතට -අද අගය මෙන්න

එසේම එම සමාගම අවධාරණය කරන්නේ විගණකාධිපති කාර්යාලයට හෝ ශ්‍රී ලංකා රජයේ වෙනත් අදාළ අධිකාරියකට පූර්ණ සහයෝගය ලබා දීමට තමන් දිගටම කැපවී සිටින බවයි.

එමෙන්ම VFS Global සමාගම 2023 දෙසැම්බර් 21 දිනැති වීසා සහ අදාළ සේවා සැපයීමට වූ ගිවිසුම යටතේ GBS Technology Services & IVS Global FZCO (IVS-GBS) ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන අතර, VFS Global සමාගමට ඇත්තේ සීමිත තාක්ෂණික සහකරුවෙකුගේ භූමිකාවක් පමණක් බවත් පෙන්වා දෙයි.

තවද අඳාළ නිවේදනයෙහි ගෝලීය වශයෙන්, VFS Global සමාගම සියලු සේවාදායක රජයන් සමග විනිවිදභාවය සහ අඛණ්ඩතාව පවත්වා ගැනීමට ගැඹුරින් කැපවී සිටින අතර, ඒ අනුව මෙරට බලයලත් බලධාරීන්ගේ උපදෙස්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වී ඇති බව ද දක්වා ඇත. 

ඉස්සරහට පොල් කාලත් ඉවරයි - පොල් මිල ඉහළට

ඉස්සරහට පොල් කාලත් ඉවරයි - පොල් මිල ඉහළට

මෙච්චර අඩුවට රත්තරන් පිස්සු හැදෙන අද රන්මිල

මෙච්චර අඩුවට රත්තරන් පිස්සු හැදෙන අද රන්මිල