බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින දෙයක් ගැන හෙළිදරව්වක්

sri lanka Car
By Sithumi Sep 05, 2021 11:46 AM GMT
Sithumi

Sithumi

Report

වාහන ආනයනය කිරීමේ තහනම ඉදිරියේදී ලිහිල් කිරිමේ සුදානමක් පවතින බවට රජය මෙතෙක් දැනුම්දී නොමැති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පෙන්වා දෙන්නේ රට තුළ පවතින තත්ත්වය මත වාහන ආනයනය යළි ආරම්භ කෙරෙන දින වකවානු පිළිබඳව පැහැදිලි පිළිතුරක් දිය නොහැකි බවය.

"වාහන ආනයනය 2020 මාර්තු 19 රජය විසින් තාවකාලිකව නවතා දැමුවා. ඒ අනුව මේ වනවිට සම්පූර්ණ වාහන ආනයනය තාවකාලිකව නවතා දමලා තියෙන්නේ. මේ තත්ත්වය අපිට අවුරුද්දක් ද දෙකක් ද තුනක් ද කියන්න බෑ. සාමාන්‍ය විදේශ මුදල් සංචිත ශක්තිමත් වුණාම තමයි රජයට මේ ආනයන සීමාවන් ලිහිල් කරන්න පුළුවන් වෙන්නේ.

හැබැයි විකල්ප ක්‍රියාමාර්ග අපිට තියෙනවා. විදේශ ශ්‍රමිකයින්ගේ ගිණුම්වල තියෙන මුදල් අපි මාරු කරන්නේ නෑ. ඒවා මාරු කරලා.. ඒ මාරු කිරීමේ තෑග්ගක් හැටියට 50%ක් වත් දෙන්න කියල, වාහනයක් ගෙන්වන්න. ඒ වගේ දේවල් තමයි අද සිතන්න ඕනේ. බැහැයි කියලා ඉන්නේ නැතුව. ඒ වගේ දේකට අවස්ථාවක් නොදෙන එකත් අපිට ප්‍රශ්නයක් ආනයනකරුවන් හැටියට.

සමහර අපනයනකරුවන් කැමතියි ගොඩාක් පහුවෙලා හරි සල්ලි දෙන්න. මේ වගේ දෙයක් සුළු වශයෙන් හරි ක්‍රියාත්මක කෙරුවොත් මේ වාහනවල අතිවිශාල මිල ඉහළ යෑම පාලනය කරගන්න පුළුවන් වෙයි. ඉතාම ජනප්‍රිය වාහන දෛනිකව මිල ඉහළ යනවා. අපි මුදල් ඇමතිතුමාගෙනුත් ඉල්ලලා තියෙනවා.