දරුණු අනතුරක් - සිව් දෙනෙකුට තුවාල

Report

 හංවැල්ල ලබුගම පතගිවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවකට පැමිණි මෝටර් රථයක් අද (22) දහවල් එම උත්සව ශාලාව අසලදී අඩි 30 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම මෝටර් රථයෙහි සිටි දරුවන් දෙදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව හංවැල්ල පොලිසිය සදහන් කර තිබේ..

එලෙස තුවාල ලැබූවන් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.

පොලිසිය සදහන් කරන්නේ අදාල මෝටර් රථයෙහි එකම පවුලේ ගැහැණු දරුවන් දෙදෙනෙකු ඇතුලු අඹුසැමියන් ගමන් කර ඇති බවයි .

තුම්මෝදර - කලුඅග්ගල මාර්ගයේ සිට බෑවුම් සහිත මාර්ගයක් ඔස්සේ ධාවනය කිරීමේදී එක්වරම මෝටර් රථය ප්‍රපාතයට පෙරලී ගොස් ඇතැයි සිදුකල මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

වාද්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

වාද්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

ඉන් පසුව ප්‍රදේශවාසීන් එක්ව මෝටර් රථයෙහි සිර වී සිටි පිරිස බේරා ගෙන අනතුරට ලක්වූ අය සමග පැමිණි තවත් පිරිසකගේ වාහනයකින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.   

පාසල් පැවැත්වීම ගැන රජයේ ස්ථාවරය මෙන්න

පාසල් පැවැත්වීම ගැන රජයේ ස්ථාවරය මෙන්න