ඇල්ල වැල්ලවාය මාර්ගයේ රිය අනතුරක්

Report

ඇල්ල වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රන්දෙණිය හයේ කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඒ වගේම මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි දෙදෙනකු සහ මෝටර් රථයේ රියදුරු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

ගෙවුණු පැය 24 ට විතරක් මාරක අනතුරු රැසක් - 8කු ජීවිතක්ෂයට

ගෙවුණු පැය 24 ට විතරක් මාරක අනතුරු රැසක් - 8කු ජීවිතක්ෂයට

ඉන් බරපතල තත්වයේ පසු වූ යතුරු පැදියේ ගමන් කළ කාන්තාවක් සහ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර ඇති බවට වාර්ථා වේ.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිස් ස්ථානය ක්‍රියාත්මක කරනු ලබයි.  

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්