ගෙවුණු පැය 24 ට විතරක් මාරක අනතුරු රැසක් - 8කු ජීවිතක්ෂයට

Report

ගෙවුණු පැය 24 තුළ පමණක් ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව තඹුත්තේගම, මාදම්පේ, කයිට්ස්, හබරාදුව, මැදවච්චිය, ගම්පහ සහ කඩවත යන ප්‍රදේශවලදී සිදු වූ අනතුරුවලින් මෙම මරණ සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කළා.

වාර්තා වූ ලෙස තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ දී වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක සහ දුරකතක රැහැන් කණුවක ගැටී සිදුවු අනතුරකින් එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එසේ මියගොස් ඇත්තේ 31 හැවිරිදි සහ 85 හැවිරිදි චුන්නාගම් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු බව පවසයි.

එසේම මාදම්පේ, බුලත් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුකින් 52 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

පාසල් වෑන් රථයක වැදී අදත් උදේම දරුණු අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයක වැදී අදත් උදේම දරුණු අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පොලීසිය ප්‍රකාශ කළේ යාපනය කයිට්ස් මාර්ගයේදී ද බස් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් 59 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බවයි.

එමෙන්ම මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේදී බවුසර් රථයක ගැටී යතුරු පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගම්පහ, උඩුගම්පොල ප්‍රදේශයේදී ද ටිපර් රථයක ගැටී තවත් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත.

තවද කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේදී වෑන් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් ද යතුරුපැදකරුවෙකු මියගොස් ඇති බව ද සඳහන්.

මේ සියල්ලටම අමතරව හබරාදුව, පාලුවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී 50 හැවිරිදි පදික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්